අතුරුදන්වීමේ සිද්ධියකට හමුදා සෙබලුන් 14 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Tuesday, 08 November 2016 - 10:06

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
යාපනය - අච්චුවේලි ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් වූ යුද සාමාජිකයන් 14 දෙනෙකු ලබන 21 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්. සදීශ්කරන් ඊයේ නියෝග කළා.

ඔවුන් අධිකරණයට භාර වූයේ 1997 වසරේ ඔක්තෝම්බර් 28 වන දා යාපනය - මද්දුවිල් උතුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්වීමේ නඩු විභාගය සම්බන්ධයෙන් ලද නීතිපති උපදෙස් මතයි.

අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් යුද හමුදා සාමාජිකයන්ට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය පරීක්ෂණ මෙහෙය වනු ලබනවා.