ත්‍රාසජනක ජවනිකාවක් රූගත කිරීමට ගිය ඉන්දීය සිනමා නළුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

Tuesday, 08 November 2016 - 10:12

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%83%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A+%E0%B6%A2%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%96%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් ආසන්නයේදී චිත්‍රපට රූගත කිරීමක් අතරතුර සිනමා නළුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

හෙලිකොප්ටරයකින් ජලාශයකට පැනීම එම දර්ශනය වූ අතර, එලෙස දියට පැන ඇති චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ගොඩට පිහිනීමට සමත් වුණා.

දුනියා විජේ නමැති කර්ණාටක නළුවා මෙලෙස දිවි ගලවා ගත් නමුදු අනිල් වර්මා සහ රාගව් උදායි නමැති සහයක නළුවන් දෙදෙනාට එලෙස ගොඩබිමට පිහිනීමට හැකි වී නැහැ.

ඔවුන් පිහිනීමට සමර්ථ නොවන අතර, ජීවිතාරක්ෂක කබා පවා රැගෙන ගොස් නොමැති බව පසුව හෙළිදරව් වුණා.

මෙහිදී සාපරාධී නොසැලකිල්ල සම්බන්ධයෙන් චිත්‍රපටයේ නිෂ්පාදකයන්ට නඩු පැවරීමට කටයුතු කෙරෙනු ඇති.