Update : මව්බිම සභාපති, ටිරාන් මුදා හරින්නැයි, අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Tuesday, 08 November 2016 - 11:46

Update+%3A+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%A7%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රාඩා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මව්බිම පුවත්පතේ සභාපති ටිරාන් අලස් වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ, තමා අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බැවින් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහු ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයඳුම්පත සලකා බැලූ අවස්ථාවේදියි.

ශ්‍රී ලංකා ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය හෙවත් රාඩා ආයතනයේ හිටපු සභාපති, මව්බිම පුවත්පතේ සභාපති ටිරාන් අලස්, රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය සහ ආචාර්ය ජයන්ත ඩයස් සමරසිංහ මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග  කළේ පසුගිය 2 වන දා යි.

අනතුරුව තමන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ටිරාන් අලස් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කළ අතර, එම පෙත්සම අද සලකා බැලුණේ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන H.C.J මඩවල, L.T.B. දෙහිදෙනිය හමුවේයි.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහාධිකරණය ලබාදුන් තීන්දුව අත්හිට වූ අභියාචනාධිකරණය මේ මස 10 වන දා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස මව්බිම පුවත්පතේ සභාපති ටිරාන් අලස්ට නියෝග කළා.

මහා භාණ්ඩාගාරය විසින් සුනාමියෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස සාදා දීම සඳහා රුපියල් මිලියන 124ක මුදලක් ලබාදී තිබූ අතර එම මුදල් නිවාස සංවර්ධනයට භාවිතා නොකිරීම හේතුවෙන් සාපරාධි සාවද්‍ය පරිහණය ඇතුළු අධි චෝදනා 07ක් යටතේ ටිරාන් අලස් ඇතුළු 4 දෙනෙකුට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණා.

Update : Tuesday, November 8, 2016 13.18
--------------------------------------------------------

රාඩා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මව්බිම පුවත්පතේ හිමිකරු වන ටිරාන් අලස් වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ, තමා අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බැවින් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහු ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයඳුම්පත සලකා බැලූ අවස්ථාවේදියි.

මව්බිම පුවත්පතේ හිමිකරු වන ටිරාන් අලස්, සාලිය වික්‍රමසූරිය සහ ජයන්ත ඩයස් සමරසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග  කළේ පසුගිය 2 වන දා යි.