ජාත්‍යන්තර විනිසුරුවන් අවශ්‍යයි - විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය ඇමතිවරියට කියයි

Tuesday, 08 November 2016 - 13:22

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ යුද අපරාධ නීතියක් නොමැති නිසා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණයක අවශ්‍යතාවක් පවතින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

දිවයිනට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධාන සහ පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබද බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරිය වන ඇන්ලේ සාමිවරිය යාපනයේදී හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කළා.

‘‘යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට ජාත්‍යන්තර විනිසුරුවන් අවශ්‍යයි. ඒ පිළිබදව අප බ්‍රිතාන්‍ය ඇමතිවරිය දැනුවත් කළා. මොකද ශ්‍රී ලංකාවේ යුද අපරාධ නීතියක් නෑ. ඒ නිසා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ පද්ධතියක් තුළ එය සොයා බැලිය යුතු බවයි අප විශ්වාස කරන්නේ. මේ අතර,බ්‍රිතාන්‍ය ඇමතිවරිය කියා සිටියේ සංහිදියාව සදහා දෙපාර්ශවයේම කැප කිරීම අවශ්‍ය බවයි. ඊට පිලිතුරු ලබාදෙමින් මම සදහන් කළා උතුරේ ජනතාව සාමය වෙනුවෙන්  ඕනවටත් වඩා කැප කිරීම් සිදුකර ඇති බව. ’’

යාපනයේ සංචාරයේදී බ්‍රිතාන්‍යයේ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ඉදිරි තුන් වසර තුළ ශ්‍රී ලංකාවට පවුම් මිලියන 1.2ක මූල්‍යාධාර ලබාදෙන බවයි.

උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත ප්‍රධාන පෙළේ සංවිධානයක් වන්නේ බ්‍රිතාන්‍යයේ හැලෝ භාරයයි.

බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමතිනිය අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද හමුවීමට නියමිතව තිබෙනවා.