චීන තානාපතිට කැදවීමක් නැහැ - රජය

Tuesday, 08 November 2016 - 13:33

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු විදේශ අමාත්‍යාංශයට කැදවීමට අවශ්‍යතාවක් නොමැති බව වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

හිරු ටී.වී. ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පසුගිය දා චීන තානාපති ෂින්ලියැං මාධ්‍ය හමුවක් පවත්වමින් චීන ණය ආධාර පිළිබදව මුදල් ඇමතිවරයාගේ ස්ථාවරය විවේචනයට ලක් කළා.

චීන ණය සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදුවන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ නම්, තවදුරටත් චීන ණය ඉල්ලා සිටින්නේ මන්දැයි ඔහු එහිදී ප්‍රශ්න කළා.

මේ සම්බන්ධයෙන් චීන තානාපතිවරයා කැදවා විමසීමක් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවයි මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ.