‘‘ආවා’’ කල්ලියේ තුනක් රිමාන්ඩ්

Tuesday, 08 November 2016 - 14:42

%E2%80%98%E2%80%98%E0%B6%86%E0%B7%80%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
උතුර ප්‍රදේශයේ  සැරිසරන ‘‘ආවා’’ කල්ලියේ සාමාජිකයන් තුන්දෙනෙකු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගියදා යාපනයේ  ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය සහ පොලීසිය එක්ව ඔවුන් තුන්දෙනා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වූයේ සැකකරුවන් ආවා කල්ලියට සම්බන්ධ බවයි.

මේ අතර උතුර පළාතේ වත්මත් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණා.

උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, සියලූම දිසාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස්  නිලධාරීන්ද ඊට එක්ව සිටියා.

එහිදී යාපනය දිස්ත්‍රික්කයේ දැනට  ඇතිවී තිබෙන කොල්ලකෑම් සහ විවිධ කොල්ල කල්ලි සම්බන්ධයෙන් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදී ඇති අතර, ඒ සඳහා අමතර බලඇණි යෙදවීමටද තීරණය කර තිබෙනවා.

උතුර පළාතේ මුහුදු සීමාවන්හි රහසිගතව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුලූවන ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යොදවා අදාළ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසයි ඔහු නාවික හමුදාවට දැනුම්දී ඇත්තේ.