Update : ට්‍රම්ප් ජනාධිපතිවරණය ජය ගනී

Wednesday, 09 November 2016 - 12:34

Update+%3A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව මෙතෙක් නිකුත් කර ඇති ප්‍රතිඵලයට අනුව ඩොනල්ඞ් ට්‍රම්ප් ආසන 276 ක් දිනාගෙන ඇති අතර ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන්ට හිමිව ඇත්තේ ආසන 218 ක් පමණයි.

ෆ්ලොරිඩා, ඔහායෝ, උතුරු කැරොලිනා සහ පෙන්සිල්වේනියානු ප්‍රාන්තවල ඩොනල්ඞ් ට්‍රම්ප් ලැබූ ජයග්‍රහණ මෙම ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් එල්ල කළ බව විදෙස් වාර්තා සඳහන් කළා.

මේ අතර, ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් විසින් ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිගෙන තිබෙනවා.

ඇය එහිදී සඳහන් කර සිටියේ නිදහස් මැතිවරණයක් තුළින් ලැබූ මෙම ප්‍රතිඵලය තමන් පිළිගන්නා බවයි.

ඒ අනුව ඇමරිකානු එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් පත්වීමට නියමිතයි. 


Update : Wednesday, November 9, 2016 13.48
---------------------------------------------------------

ඇමරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් තහවුරු කර ගෙන තිබෙනවා.

ඒ අනුව අසන 276ක් ඩොනල්ඞ් ට්‍රම්ප් හිමිකරගෙන ඇති අතර හිලරි ක්ලින්ට හිමිව ඇත්තේ අසන 218ක් පමණයි.

මැතිවරණ ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් එල්ල කරන පෙන්සිල්වේනියානු ප්‍රාන්තය ට්‍රම්ප් විසින් ජය ගත්තා.

මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් ඊට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකු ආසන 270 ක් ජය ගත යුතු වනවා.

ඡන්ද ප්‍රතිඵලයට තීරණාත්මක බලපෑමක් සිදුකරන ජෝර්ජියා, ඔහායෝ යන ප්‍රාන්තවල ජය ද හිමිවූයේ ඩොනල්ඞ් ට්‍රම්ප්ටයි.

හිලරි ක්ලින්ටන් වර්ජිනියා, නෙවාඩ් යන ප්‍රාන්ත ජය ගනු ලැබුවා.

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ද මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර, එහිදී මාධ්‍ය අමතමින් අදහස් දැක්වූ මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් කියා සිටියේ ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදය බවයි.

ඒ අනුව ඉදිරි වසර 04ක කාලය සදහා ඇමරිකාවේ පාලනය ඩොනල්ඞ් ට්‍රම්ප් හට හිමිවනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රාහී කතාව අපේක්ෂාවෙන් සිටින ඇමරිකානු වැසියන් පහතින්.




විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ දැනට නිකුත් වී ඇති අවසන් ඡන්ද ප්‍රතිඵලය පහතින්.