ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අද (09) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් ඔහු එහි පැමිණියේ නැහැ.
පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශණවලට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහායි මොහුට මෙලෙස මෙම කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ.
විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ මන්ත්‍රීවරයාට අද දිනයේ මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර නොතිබුණු බවයි.
රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණවලට අදාලව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට මෙම කොට්ඨාශය හමුවේ පසුගිය 04 වැනිදා පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.
එදින එහි පැමිණි ඔහු ප්‍රකාශයක් ලබානොදී ඉන් පිටව ගියේ අසනීප තත්ත්වයෙන් පෙලෙන බවය පවසමින්.