මන්නාරම ෆවුල්පාඩු වෙරළ තීරයට ගොඩ ගසා සිටි මියගිය මුහුදු ඌරෙකු මන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
ඩියුගොන් නමින් හදුන්වන මෙම සත්වයන් වදවීමේ තර්ජනයට ලක්ව ඇති බවටයි වර්තාවන්නේ.
මෙම සත්වයා දිගින් අඩි 6කට ආසන්න වන අතර කිලෝ 450 ත් 500 ත් අතර බරකින් යුක්ත වනබව නාවික හමුදාව පවසනවා.
මෙම සත්වයාගේ ශරීරයේ විශාල තුවාල දක්නට ඇති බව සදහන්.
ට්‍රොලර් වර්ගයේ යාත්‍රාවක එන්ජිමට හසුව හෝ මසුන් මැරීමට යොදා ගන්නා පුපුරන දුව්‍ය විශේෂයක් හේතුවෙන් මෙම සත්වයා මිය යන්නට ඇති බවටයි විශ්වාස කෙරන්නේ.
වව්නියාව වනජීවි නිලධාරීන් විසින් හෙට (09) දිනයේදී සත්වයාගේ සිරුර සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

ඡායාරූප- වන්නි රොමේෂ් මදුසංක