70 වන අයවැය අද පාර්ලිමේන්තුවට

Thursday, 10 November 2016 - 7:07

70+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නිදහස් ශ්‍රී ලංකාවේ 70 වන අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එය යහපාලන රජයේ තුන්වන අයවැයද වනවා.

මෙවර අයවැයේ තේමාව වී ඇත්තේ සැමට ප්‍රතිලාභ ලැබෙන වේගවත් සංවර්ධනයක් කරා යන්නයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් අද පස්වරු දෙකට අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවර අයවැය සකස් කිරීම සඳහා පොදු ජනතාවගේ අදහස් සහ යෝජනා 2500 කට ආසන්න සංඛ්‍යාවක් මුදල් අමාත්‍යාංශය වෙත ලැබී තිබුණා.

මෙවර අයවැය මගින් විරැකියාව, ජීවන බර පහත හෙළීම, ආයෝජන ප්‍රවර්ධන, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ඇතුලු ක්‍ෂේත්‍ර ගණනාවක් කෙරෙහි වැඩි අවධානය යොමුකර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඞී.එස්.රුවන්චන්ද්‍ර ඇතුලු  අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍ය රවී කරුණානායක 2017 අයවැය වාර්තාව පිළියෙල කිරීමේ කටයුතුවල ඊයේ නිරතවුණා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ සියලු  ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන දීර්ඝකාලීන වැඩපිළිවෙලක් සහිත සංවර්ධනාත්මක අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.