ඇෆ්ගන් යුද්ධයේ මොනාලිසා පාකිස්ථානයෙන් පිටුවහල් කරයි

Thursday, 10 November 2016 - 10:05

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කීර්තිමත් නැෂනල් ජියොග්‍රැෆික් පාරිසරික සඟරාවේ මුල් පිටුව සැරසිමට සමත් වූ ෂර්බාට් ගුලා නැමැති ඇෆ්ගන් කාන්තාව පාකිස්ථානයෙන් පිටුවහල් කර තිබෙනවා.

ඒ, ව්‍යාජ පාකිස්ථාන ජාතික හැඳුනුම්පතකින් පෙනී සිටීමේ චෝදනාවට පාකිස්ථාන බලධාරීන් ඇයව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.

පාකිස්ථාන රජය ඇය පිටුවහල් කිරීමට තීරණය කළද මානුෂීය හේතූන් මත ඇය තවදුරටත් රඳවාගැනීමට තීරණය කර තිබූ බව මීට පෙර විදෙස් වාර්තා සඳහන්  කළා.

හෙපටයිටිස් සී රෝගී තත්ත්වයෙන් පෙළුනු ඇය, බන්ධනාගාර රෝහලේ් ප්‍රතිකාර ලැබුවා.

සෝවියට් දේශය, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ අවස්ථාවේ සරණාගත දැරියක ලෙස පාකිස්ථානයට පැමිණි ඇය ස්ටීව් මැකූරි නැමති ඡායාරූප ශිල්පියාගේ කාචයේ සටහන් වූයේ 1985 වර්ෂයේදි පාකිස්ථාන සරණාගත කඳවුරක සිටියදියි.

ෂර්බාට් ගුලා නැමති ඇයගේ රුව එදා මෙදාතුර සඟරා මුල් කවරයක වඩාත්ම ආකර්ශණීය සේයාරුවක් ලෙසයි සැළකෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා ඇය හඳුන්වනු ලැබුවේ ඇෆ්ගන් යුද්ධයේ මොනාලිසා යන  අන්වර්ථ නාමයෙන්.