වැලිසරදී ඇමති ජෝන්ට හූ කියයි

Thursday, 10 November 2016 - 12:04

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%84%E0%B7%96+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වැලිසර - මහබාගේ - ගල්උඩුපිට ප්‍රදේශයේදී ගොඩනැගිල්ලකට මුල් ගල තැබීම ගිය අමාත්‍ය ජෝන් අමරතුංගට ප්‍රදේශවාසීන් හූ කියමින් දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

ගල්උඩුපිට ප්‍රදේශයේ ජයමිතුරු ක්‍රීඩාංගණයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමට අමාත්‍යවරයා එහි ගොස් තිබුණේ අද උදෑසනයි.

විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් කියා සිටියේ  මෙම ක්‍රීඩාංගණය තුළ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

පසුව ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය මධ්‍යයේම අමාත්‍යවරයා මෙම ගොඩනැගිල්ලට මුල්ගල තැබූ අතර එහිදී ඔවුන් හූ හඩ දෙමින් අමාත්‍යරවරයාට විරෝධය පළ කළා.

පසුව අමාත්‍ය ජෝන් අමරතුංග හූ හඩ මධ්‍යයේම උත්සව සභාව ඇමතුවා.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ උසිගැන්වීම මත ජනතාව මෙලෙස හැසිරීම පිළිබඳව තමන් කණගාටුවන බවයි.   

මේ අතර අබලන්ව තිබු කැලණිය දුම්රියපොල මාර්ගයේ පිහිටි පාලම ප්‍රතිසංස්කරණය කිරීම ඊයේ ආරම්භ කෙරුණා.

එම කටයුතු ඊයේ පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ කැලණිය ආසන සංවිධායක  අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු  අතර, එදින පස්වරුවේම වැඩ ආරම්භ කිරිමේ තවත් උත්සවයක් පැවැත්වුනේ කැලණිය නිදහස් පක්ෂ සංවිධායක තිලක් වරාගොඩ ගේ සහභාගිත්වයෙන්.

ඊට එක්වෙමින් ඔහු චෝදනා කළේ පාලම අලූත්වැඩියා කිරිම සඳහා තමන් මුදල් වෙන් කළ ද එහි වැඩ ආරම්භ කිරීමේ උත්සවයට ආරාධනා නොකිරීම පිළිබඳව කණගාටුවට පත්වන බවයි.