update : අයවැය පස්වරු 2 ට පාර්ලිමේන්තුවට

Thursday, 10 November 2016 - 12:10

update+%3A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+2+%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අයවැය කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක අද පස්වරු 2කට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මෙවර අයවැයේ තේමාව වන්නේ ප්‍රතිලාභ ලැබෙන වේගවත් සංවර්ධනයක් කරා යන්නයි.

අයවැය ලේඛනයට අද පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. මේ අතර අයවැය කතාව හිරු ටී වී ඔස්සේ සජීවීව විකාශය කෙරෙන අතර හිරු  එෆ්.එම්. පැයෙන් පැය පුවත් විකාශය සහ www.hirunews.lk  වෙබ් අඩවියට පිවිසීමෙන්ද අයවැය යෝජනා පිළිබඳ නවතම තොරතුරු දැනගත හැකිවනවා.

එමෙන්ම මෙවර අයවැයේ විශේෂ කරුණු අපගේ කෙටි පණිවුඩ සේවාව ඔස්සේ ද ඔබ වෙත ලබාදීමට අප සූදානම්.

thursday, 10 november 2016 - 13.43
--------------------------------------------------------------------------------------

අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන වසර සඳහා වන අයවැය ලේඛනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අද පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමකදියි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පස්වරු 2 ට අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

thursday, 10 november 2016 - 12.50
--------------------------------------------------------------------------------------

නිදහස් ශ්‍රී ලංකාවේ 70 වන අයවැය ලේඛනය මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් අද පස්වරු 2 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවර අයවැයේ තේමාව වන්නේ ප්‍රතිලාභ ලැබෙන වේගවත් සංවර්ධනයක් කරා යන්නයි.

මේ අතර, අයවැය ඉදිරිපත් කිරීමට නියමිත අද දිනයේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සහ ඒ අවට විශේෂ  ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ සියලූ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන දීර්ඝකාලීන වැඩපිළිවෙලක් සහිත සංවර්ධනාත්මක අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.