ගෑස්, පරිප්පු, සීනි, මුංඇට, අර්තාපල්, හාල්මැස්සෝ සහ භූමිතෙල් මිල අඩු කෙරේ - උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට නොමිලේ ටැබ්

Thursday, 10 November 2016 - 18:04

%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%2C+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%2C+%E0%B6%B8%E0%B7%94%E0%B6%82%E0%B6%87%E0%B6%A7%2C+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9D+%E0%B7%83%E0%B7%84+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A7%E0%B7%90%E0%B6%B6%E0%B7%8A
ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 70 වන අයවැය වන අතර, වත්මන් යහපාලන රජයේ 02 වන අයවැය වනවා.

මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කිරීම ආරම්භ කළේ පස්වරු 2.03 ට පමණයි.

ඒ අනුව ඔහු පැය 03 යි විනාඩි 05 ක කාලයක් සිය අයවැය කතාව ඉදිරිපත් කළා.

අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ සිටියා.

සිය අයවැය කතාව ආරම්භ කරමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන වසරේදී 7% ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම රජයේ අපේක්ෂාව බවයි.

එමෙන්ම ඉතිහාසයේ පළමු වතාවට මෙවර අයවැය සකස් කිරීම සඳහා ජනතා අදහස් ලබාගත් බව මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

කෘෂිකර්මාන්තයට මුල්තැන ලබාදෙමින් අයවැය ඉදිරිපත් කරන බව සඳහන් කළ මුදල් අමාත්‍යවරයා කියා සිටියේ පළතුරු සහ එළවළු
කර්මාන්තකරුවන් සඳහා 50% ක ණය පොලි සහනාධාරයක් ලබාදීමට පියවර ගන්නා බවයි.

දේශීය නිෂ්පාදකයින් රැක ගැනීම සඳහා ආනයනික සීනි සඳහා 2% ක සහ එතනෝල් සඳහා 5% ක සෙස් බද්දක්ද පනවනු ලැබුවා.

කිරි එළදෙනුන් 15,000 ක් ආනයනය කෙරෙන අතර, එක් කිරි ගොවියෙකුට අවම වශයෙන් එළදෙනුන් දස දෙනෙකු ලබාදීමට පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම, වැවිලි සමාගම් සඳහා ලබාගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 5000 දක්වා සීමා කෙරුණා.

තේ කර්මාන්තය සඳහා වන බදු සරල කරන බව ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා රබර් වගාව සංවර්ධනයට රුපියල් මිලියන 900 ක මුදලක් ලබාදෙන බවයි කියා සිටියේ.

දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට පාරිභෝගිකයින් පෙළඹවීම සඳහා ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක මිල අඛණ්ඩව පවත්වාගෙන යනවා.

එමෙන්ම, කුකුළු මස් මත පනවා ඇති උපරිම සිල්ලර මිල තවදුරටත් ලිහිල් කරන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා රුපියල් මිලියන 17,840 ක මුදලක් අතිරේක ප්‍රතිපාදනයක් ලෙස ලබාදෙන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

විශේෂ අධ්‍යාපනය ලබන සිසුන්ට ලබාදෙන දෛනික දීමනාව රුපියල් පනහේ සිට 150 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එසේම 2017 වසරේ උසස් පෙළ පන්තිවලට ඇතුළුවන සිසුන් එක්ලක්ෂ 75,000 කට සහ උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියා.

එමෙන්ම, අවුරුදු පහේ සිට 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන ලක්ෂ 45 ක් පමණ වන පාසල් දරුවන් සඳහා රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණයක් හඳුන්වා දෙන බවද මුදල් අමාත්‍යවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

2020 වනවිට සරසවිවලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ දමන බව ප්‍රකාශ කෙරුණා.

එමෙන්ම, විශ්වවිද්‍යාලවල දේශන පවත්වන කාලය රාත්‍රි අට දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක්ද මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළා.

මෙරට අධ්‍යාපනය හැදැරීමට කැමති විදෙස් සිසුන්ට පස් අවුරුදු වීසා ලබාදීමටද මෙවර අයවැයෙන් කළ යෝජනාවක්.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා ඉසෙඞ් ලකුණ පදනම් කරගෙන ඇතුළුවන සිසුන් 15,000 කට ණය මුදලක් ලබාදෙන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

අධ්‍යාපනයේ ගුණාත්මක මට්ටම සඳහා ප්‍රමිතිකරණ මණ්ඩලයක් ඇතිකරන බව ප්‍රකාශ කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක උසස් අධ්‍යාපනය ලබාදීමට පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් රජයේ නොවන උපාධි ආයතන පිහිටුවීමට අවස්ථාව ලබාදෙන බවද සඳහන් කළා.

සියලූම ඖෂධහල් ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචිය විය යුතු වනවා.

එමෙන්ම, සෑම රෝගියෙකුටම රෝහලෙන් පිටවන විට තම ප්‍රතිකාර සඳහා ගිය වියදම සටහන් කළ ලියවිල්ලක් ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා කියා සිටියා.

ඉදිකිරීම් කර්මාන්තයට අදාළව පැවති 25% ක සෙස් බද්ද මෙවර අයවැයෙන් ඉවත් කෙරුණා.

එමෙන්ම, මෙරට ආයෝජනයට පැමිණෙන විදේශිකයන් සඳහා පස් අවුරුදු වීසා ලබාදීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම, මෙරට ප්‍රධාන ශාඛා පිහිටුවීමට කැමති ආයෝජන සමාගම් සංස්ථාපිත බද්දෙන් නිදහස් කෙරුණා.

මේ අතර, රුපියල් මිලියන දහසක් උපයා ගැනීම සඳහා ග්‍රෑන්ඞ් හයට්, ග්‍රෑන්ඞ් ඔරියන්ටල්, හිල්ටන්, වෝටර්ස් එජ්, රේස්කෝස්, මන්නාරම සහ හම්බන්තොට ලූණු ලේවායන් කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කෙරෙනු ඇති.

ත්‍රීරෝද රථ වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් හඳුන්වාදීමට පියවර ගන්නා බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ.

මධ්‍ය ආදායම් ලබන පවුල් සඳහා නිවාස පන්ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරයා අයවැය කතාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන දහසක මුදලක් වෙන් කෙරුණා.

එමෙන්ම, සමෘද්ධි සහනාධාරය ඉදිරියේදී ජනඉසුරු ලෙස නම් කරන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

 පණ්ඩිත් අමරදේව සංගීත ආශ්‍රමය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ද අයවැයෙන් වෙන් කෙරුණා.

එමෙන්ම, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිධානය වැනි චිත්‍රපටි සංරක්ෂණය සදහා ඒකකයක් ජාතික චිත්‍රපට සංස්ථාවේ ආරම්භ කරන බව ප්‍රකාශ කළ මුදල් අමාත්‍යවරයා අයවැයෙන් ඒ සදහා මිලියන 50 ක් වෙන් කර ඇති බව සදහන් කළා.

ක්‍රීඩාවේ නවකයන් හදුනා ගෙන ඔවුන්ට පහසුකම් සලසා දීම සදහා රුපියල් මිලියන 50 ක මුදලක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම, පිරිවෙන් සිසුන් සදහා මාසිකව රුපියල් 2500 ක් ලබාදීමට යෝජනා කරන බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ.

උතුර, නැගෙනහිර ජනකොටස්වල සාමය හා සංහිදියා වැඩසටහන සඳහා රුපියල් මිලියන 180 ක මුදලක් අයවැයෙන් වෙන් කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම, රාත්‍රි නවයේ සිට අලුයම 5 දක්වා කාලය ඇතුළත අධිවේගී මාර්ගවල ගාස්තුව රුපියල් 50 කින් අඩු කිරීමට පියවර ගැනුණා.

ඊට අමතරව ආනයනික කිරිපිටි සඳහා රේගු බදු රුපියල් සියයකින් අඩු කිරීමට යෝජනා කෙරුණු අතර, විදුලි සංදේශ බදු 25% කින් ඉහළ නැංවීමටයි යෝජනා කර ඇත්තේ.

ආයතනික ආදායම් බදු ස්ථර 03 ක් යටතේ 14%, 28% සහ 40% ලෙස අය කෙරෙන අතර, දුම්කොල, මධ්‍යසාර සහ විනෝද ක්‍රීඩා බදු 40% ක් ලෙස තවදුරටත් පවතිනු ඇති.

පොලී ආදායම මත අය කෙරෙන බදු 5% දක්වා ඉහළ නැංවෙන අතර, උපයන විට ගෙවීමේ බදු සීමාව මසකට රුපියල් ලක්ෂය දක්වා ඉහළ නැංවෙනවා.

එසේම, ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේදී අය කරන මුදල රුපියල් 10 දක්වා ඉහළ නංවන බවයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ අතර, ගෑස්, භූමිතෙල් ඇතුළු භාණ්ඩ වර්ග 07 ක මිලද අඩු කෙරුණා.

ඒ අනුව මුංඇට කිලෝග්‍රෑමයක් රුපියල් 15 කින්ද, පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 10 කින්ද, අර්තාපල් සහ  හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 05 කින්ද, සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 02 කින්ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05 කින්ද, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 25 කින්ද අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.

අය වැය යෝජනාවල දැක්වෙන්නේ රථ වාහන වැරදි සඳහා වන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කරන බවයි.

මේ අතර සිය අය වැය කතාව කරමින් මුදල් අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ පවතින සෘජු බදු ප්‍රතිශතය 20% සිට 40% දක්වා වැඩි කිරීමටත් වක්‍ර බදු ප්‍රතිශතය 80% සිට 40% දක්වා අඩු කරගැනීම රජයේ ප්‍රතිපත්තිය වී ඇති බවයි.

උපයන විට ගෙවීම් බද්ද ඇතුළු පුද්ගල ආදායම් බදු අනුපාත සංශෝධනය කිරීමට යෝජනා කර ඇති අතර ඒ අනුව උපරිම අනුපාතය 24%ක්  වනු ඇති.

පුද්ගල ආදායම් බදු අනුපාත හා සමගාමීව ලබා දී තිබූ සියලුම බදු නිදහස් කිරීම් ඉවත් කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ වෙනුවට සෑම සේවා නියුක්තිකයෙක් සඳහාම සේවා ආදායම මත මසකට රුපියල් ලක්ෂයක් වූ බදු නිදහස් සීමාවක් පැනවෙනු ඇති.

දෙවන සේවා ආදායම සඳහා මසකට රුපියල් 50,000 දක්වා 10% ක් ද, රුපියල් 50,000 ඉක්මවන්නේ නම් 20% ක උපයන විට ගෙවීමේ බදු අනුපාතයක් පැනවීමට මුදල් අමාත්‍යවරයා යෝජනා කළා.

රජය සතු ව්‍යාපාර සහ වෙනත් රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ උපයන විට ගෙවීම් බදු එම සේවකයාගේ වැටුපෙන් අඩු කළ යුතු අතර එය එම ආයතනය විසින් ගෙවීම නොකළ යුතුවනවා.

අයවැය යෝජනා සාරාංශයක් ලෙස පහතින්.

- කිරි එළදෙනුන් 15,000 ක් ආනයනයට පියවර.

- දේශීය නිෂ්පාදකයින් රැක ගැනීම සඳහා ආනයනික සීනි සඳහා 2‍% ක සහ එතනෝල් සඳහා 5% ක සෙස් බද්දක්.

- හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල මිරිදිය වගා ඇරඹීමට රුපියල් මිලියන 500 ක්.

- දික්ඕවිට ධීවර වරායට නව ශීතාගාර පහසුකම්.

- මිරිදිය ගම්මාන 100 ක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 300 ක්.

- කුකුල් මස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 420 කෙරේ.

වැවිලි කර්මාන්ත -

- වැවිලි සමාගම් සඳහා ලබාගත හැකි ඉඩම් ප්‍රමාණය අක්කර 5,000 දක්වා සීමා කෙරේ.

- සිලෝන් ටී‘ නාමය ප්‍රචලිත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් ණය.

- තේ කර්මාන්තය සඳහා වන බදු සරල කෙරේ.

- රබර් වගාව සංවර්ධනයට නැවත රුපියල් බිලියන 9 ක්.

- රබර් පර්යේෂණ ආයතනයට රුපියල් මිලියන 50ක්.

- පොල් සංවර්ධන මණ්ඩලයට රුපියල් මිලියන 74 ක්.

- කිරි එළදෙනුන් 15,000 ක් ආනයනයට පියවර.

- දේශීය නිෂ්පාදකයින් රැක ගැනීම සඳහා ආනයනික සීනි සඳහා 2%ක සහ එතනෝල් සඳහා 5% ක සෙස් බද්දක්.

- හම්බන්තොට සහ මන්නාරම දිස්ත්‍රික්කවල මිරිදිය වගා ඇරඹීමට රුපියල් මිලියන 500 ක්.

- දික්ඕවිට ධීවර වරායට නව ශීතාගාර පහසුකම්.

- මිරිදිය ගම්මාන 100 ක් පිහිටුවීම සඳහා රුපියල් මිලියන 300 ක්.

- කුකුල් මස් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 420 කෙරේ.

- මිල ඉහළ දැමීම් කළහොත් කුකුළු මස් ආනයනයට පියවර.

- දිනකට උක්ගස් 2000ක් ඇඔරීමට හැකි සීනි කර්මාන්ත ශාලා පිහිටුවීමට විදෙස් ආයෝජකයින්ට ඇරයුම්.

- උක් ගොවීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආනයකින සීනි සදහා බදු වැඩි කිරීමට පියවර.

කෘෂිකර්මාන්තය -

- භාවිතයට ගෙන නොමැති ඉඩම් කෘෂිකර්මාන්තයට නිදහස් කිරීම.

- පලතුරු සහ එළවළු කර්මාන්තය සඳහා 50‍්‍ර ක පොලී සහන.

- ආනයනික කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා බදු අඩු කෙරේ.

- උසස් තත්ත්වයේ කිරි ගවයින් 15ල000 ක් ආනයනයට පියවර.

- දේශීය කිරි නිෂ්පාදනය සහ පාරිභෝගිකයින්ට සහන ලෙස රුපියල් මිග 200 ක්.

- අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන දිරි ගැන්වීමට නව ණය යෝජනා ක්‍රමයක්.

- කෘෂිකර්මාන්තය සඳහා ආනයනය කරන යන්ත්‍ර සඳහා බදු අඩු කෙරේ.

- කෘෂිකාර්මික සමූපකාර සඳහා සහනදායි ණය.

අධ්‍යාපනය  -

- අධ්‍යාපනය වෙනුවෙන් රු.මි. 107.000 ක්.

- අධ්‍යාපන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සඳහා තවත් මිලියන 5,000 ක්.

- උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක 175.000 ක්.

- උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක 28,000 ක්.

- කරාපිටිය වෛද්‍ය විද්‍යාලය සඳහා මහල් 10 ක ගොඩනැගිල්ලක්.

- 2020 දී විශ්වවිද්‍යාල සඳහා වැඩිපුර 50,000 ක් ලබා ගැනීමට පියවර.

- පාසල් සිසුන්ට රු. ලක්ෂ 2 ක රක්ෂණාවරණයක්.

- විශ්වවිද්‍යාල වරම් අහිමි වන සිසුන් 15,000 කට උසස් අධ්‍යාපනය වෙනුවෙන් රුග ලක්ෂ 8 ක ණයක්.

- සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා ආගන්තුක සත්කාර, විලාසිතා නිර්මාණ, ඩිජිටල් තාක්ෂණය ආදී නව විෂයන්.

- විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෛනික දීමනාව රුපියල් 150 දක්වා වැඩි කෙරේ.

- සෑම පාසල් දරුවෙකුටම බැංකුවල සහයෙන් ඉතිරි කිරීමේ ගිණුමක්.

- සෑම පාසල් දරුවෙකුටම රජයෙන් රක්ෂණාවරණයක්.

ධීවර -

වෙරළාසන්න දිස්ත්‍රික්ක 10 ක ජන ජීවිතය නැංවීමට රුගමිග 1,200 ක්.

වැවක් සහිත ගමක් වැඩසටහන යටතේ මිරිදිය ගම්මාන 100 ක් සඳහා රු.මි. 300 ක්.

තල්පිටිගල, උමාඔය, යාන්ඔය සංවර්ධන කටයුතු වෙන්වෙන් රු.මි. 1,000 ක්,

මල්වතු ඔය වාරි යෝජනා ක්‍රමයට රු.මි. 300 ක්.