වකුගඩු ජාවාරමට සම්බන්ධව රැදවුම්භාරයේ සිටියදී පලාගිය සැකකරුවන් 5 ක් අත්අඩංගුවට (ඡායාරූප)

Friday, 11 November 2016 - 10:04

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මිරිහාන රැදවුම් කදවුරේ රදවාගෙන සිටියදී පසුගිය 8 වනදා පලාගිය ඉන්දීය ජාතික සැකකරුවන් පස් දෙනෙකු පොලිසිය මන්නාරම - පේසාලේ ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත්, 33 ත් අතර වයස් කාණ්ඩවල පසුවන අයයි.

මෙම සැකකරුවන්ට සහය ලබාදුන් තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව, මෙම සිද්ධියට අදාළව පසුගිය ඔක්තෝම්බර් මස 28 වනදා මිරිහාන රැඳවුම් කඳවුරේ රදවාගෙන සිටි තවත් ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ද පලාගොස් තිබුණා.

ඔවුන් දෙදෙනා ඉන්දියාවට පලාගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.






ඡායාරූප - දිනසේන රතුගමගේ