මෙක්සිකෝව ට්‍රම්ප් සමග සාකච්ඡාවකට සූදානම්

Friday, 11 November 2016 - 10:08

%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D%E0%B7%80+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
උතුරු අත්ලාන්තික් නිදහස් වෙළද ගිවිසුම පිළිබදව ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව මෙක්සිකෝව පවසනවා.

මෙක්සිකෝව ඇතුළත් එම වෙළද ගිවිසුම ක්‍රියාත්මක වන්නේ 1994 වසරේ සිටයි.

එය ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී දැඩි විවේචනයට ලක්වුණා.

මෙක්සිකෝ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඊයේ සදහන් කළේ ගිවිසුම පිළිබද සාකච්ඡා කළ ද එය ප්‍රතිසංවිධානය කිරීමේ හැකියාවක් නොමැති බවයි.