ATM යන්ත්‍රවලින් ව්‍යාජ ලෙස මුදල් ලබා ගන්නා ජාවාරමක තොරතුරු හෙළි වේ

Friday, 11 November 2016 - 10:56

ATM+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
බැංකු ATM  යන්ත්‍රවලින් ව්‍යාජ ලෙස කෝටි ගණනින් මුදල් ලබා ගැනිමේ මහා පරිමාණ ජාවාරම් කල්ලියක තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් වැල්ලවත්ත, වව්නියාව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් ATM යන්ත්‍රවල රහසිගත කැමරා සවිකොට ඒ හරහා මෙම ජාවාරම සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී ගණුදෙනුකරුවන් තම රහස්‍ය අංකය සටහන් කරන ආකාරය ඔවුන් සවිකර තිබූ රහසිගත කැමරාවල පටිගත කරගෙන තිබෙනවා.

ඒ ඔස්සේ ව්‍යාජ කාඩ් සකසා රහස් අංකය යොදා ගනිමින් මුදල් ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ව්‍යාජ ATM කාඩ්පත් සැකසීම සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය මැලේසියාව ඇතුළු රටවල්වලින් ගෙන්වා ඇති බව අනාවරණ වී තිබෙනවා.   

ජාත්‍යන්තර සංවිධානාත්මක කල්ලියක උපදෙස් මත ඔවුන් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව සදහන්.

සැකකරුවන් සතුව තිබී සී.සී.ටී.වි කැමරාවක්, ලැප්ටොප් පරිගණක දෙකක්, ජංගම දුරකථන 3 ක් සහ ව්‍යාජ ලෙස සකසන ලද කාඩ්පත් 13 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.