හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

Friday, 11 November 2016 - 12:58

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්, තිස්ස අත්තනායක අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඔහු, එමගින් ඉල්ලා ඇත්තේ සුදුසු ඇපයක් මත තමන් මුදා හරින ලෙසයි.

කූඨ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 03ක් යටතේ බන්ධනාගාර ගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයා ඇප ඉල්ලා මෝසමක් මගින් සිදුකළ ඉල්ලීම කොළඹ මහාධිකරණය පසුගිය 4 වනදා ප්‍රතික්ෂේප කළා.

ඔහු මේ වන විට දෙසැම්බර් මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.