හූනියමක් කපන්න සොහොනට ගිය සහායක ඇදුරෙකු අභිරහස් ලෙස මියයයි

Saturday, 12 November 2016 - 18:20

%E0%B7%84%E0%B7%96%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හංවැල්ල - තුන්නාන ප්‍රදේශයේ සුසාන භූමියක තිබී අභිරහස් ලෙස මියගිය යකැදුරු සහායකයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

හංවැල්ල පොලිසිය කියා සිටියේ අද (12) අලූයම ලැබුණු තොරතුරක් මත එම සිරුර සොයා ගත් බවයි.

මියගොස් ඇත්තේ තුන්නාන - කුඩාකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි දෙදරු පියෙක්.

මියගිය පුද්ගලයාට යක්ෂ බන්ධනයක් ඇති බව මීට ඉහතදී බිරිදට පවසා ඇති අතර ඒ සදහා නොයෙකුත් ශාන්තිකර්ම ඔහු විසින්ම සිදුකරගෙන ඇති බව සදහන්. ඔහුගේ් බිරිද කියා සිටියේ සැමියා ඒ සම්බන්ධයෙන් බලවත් සිත්තැවුලකින් පසුවූ බවයි.

ඔහු විසින්ම අවස්ථා කිහිපයකදී ඊට ප්‍රතිකර්ම ලෙස විවිධ ශාන්තිකර්ම සිදුකර ගෙන ඇති අතර, ඔහු ඊයේ පස්වරුවේ නිවසින් පිටව ගොස් තිබුණේ ද එවන් කටයුත්තක් සදහායි.