හිලරි ක්ලින්ටන් පරාජය එෆ්.බී.අයි. වෙත පවරයි

Sunday, 13 November 2016 - 10:09

%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B6%91%E0%B7%86%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතින් අනපේක්ෂිත පරාජයකට ලක්වූ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් සිය පරාජයේ වගකීම ඇමරිකානු එෆ්.බී.අයි. ඔත්තු සේවාවේ ප්‍රධානියාට පවරා තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස සිටි සමයේ පෞද්ගලික ඊමේල් ලිපිනයක් භාවිත කරමින් ඇය සිදුකළ සංවාද පිළිබඳ නව පරීක්ෂණයක් පවත්වන බව එෆ්.බී.අයි. ප්‍රධානී ජේම්ස් කොමේ ප්‍රකාශ කළේ ප්‍රචාරක ව්‍යාපාරයේ උණුසුම් අදියරකදියි.

එය තමාගේ පරාජයට ප්‍රධාන හේතුවක් ලෙස හිලරි ක්ලින්ටන් සිය පක්ෂයේ  අනුග්‍රහකයන් පිරිසකට පවසා ඇත්තේ දුරකථනයෙන්.

කෙසේ නමුත් එම දුරකථන සංවාදය මාධ්‍ය වෙත හෙළිදරව් වී තිබෙනවා.

මේ අතර ‘‘ට්‍රම්ප් මගේ ජනපති නොවේ’’ යන තේමාව යටතේ ඇමරිකාව පුරා තවදුරටත් විරෝධතා පැවැත්වෙන බව සඳහන්.