ත්‍රිකුණාමලයේදී මවක් සහ දියණියන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

Sunday, 13 November 2016 - 13:45

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ත්‍රිකුණාමලය - උප්පුවේලි - කන්නියා ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී සැමියා විසින් සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ඝාතනය කර තිබෙනවා.

අද දහවල් සිය නිවස තුලදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 32 හැවිරිදි බිරිඳ, වයස අවුරුදු 8ක් සහ 10ක් වන දියණියන් දෙදෙනායි.

සැකකරු සිය නිවසෙහි දොරගුළු දමා වසා මෙම ඝාතනය සිදුකර ඇති බවටයි හෙළිව ඇත්තේ.

එම අවස්ථාවේදී දරුවන් සහ බිරිඳ කෑ ගසා ඇති බවයි ප්‍රදේශවාසීන් සදහන් කළේ. පසුව ප්‍රදේශවාසීන් විසින් මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පොලිසිය පැමිණ නිවසෙහි දොරගුළු කඩා දමා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.

මෙම ඝාතනය සිදුකළ සැකකරු ත්‍රිකුණාමලය නගර සභාවේ කම්කරුවෙකු ලෙස සේවය කරන අතර ඇතැම් අවස්ථාවලදී ඔහු නිවස අසල පිහිටි කෝවිලක සහායක පූජකවරයෙකු ලෙස ද කටයුතු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.  

මෙම ඝාතනයට මෙතෙක් හේතුව අනාවරණ වී නැහැ.