දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් 70 දෙනෙකුට ස්ථාන මාරු

Sunday, 13 November 2016 - 15:30

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+70+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
අධිකරණ සේවා නිලධාරින් 70 දෙනෙකුට අධිකරණ සේවා කොමිසම විසින් වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

ලබන වසරේ ජනවාරි පළමුවනදා සිට මෙය ක්‍රියාත්මක බවයි එම කොමිසම ප්‍රකාශ කළේ.

ස්ථාන මාරුවිම් ලද අධිකරණ සේවා නිලධාරින් අතරට දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන් අයත්.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අනුරාධපුර දිසාවිනිසුරු ලෙස පත් කර ඇති අතර කොළඹ නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වන්නේ අනුරාධපුර අතිරේක දිසාවිනිසුරුවරයා ලෙස කටයුතු කරන එල්.ආර්. බණ්ඩාරයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් ද ස්ථාන මාරුවීම් ලැබූ අධිකරණ සේවා නිලධාරීන් අතරට අයත්.

ඒ අනුව ඔහු කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා ලෙස පත් කර ඇති අතර, ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලෙස නම් කර ඇත්තේ දැනට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරන මොහොමඞ් මීහාල්.

හෝමාගම අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කර තිබෙනවා.

එමෙන්ම  දැනට මොරටුව, කඩුවෙල, ගල්කිස්ස, පානදුර, පූගොඩ, හලාවත, කුලියාපිටිය, වාරියපොල, වැලිමඩ, බද්දේගම, අම්පාර, අක්කරෙයිපත්තුව, මොරවක, මහියංගනය සහ වැල්ලවාය දිසාවිනිසුරුවරුන් ද මාරුවීම් ලද පිරිසට අයත්.

ගම්පහ, අවිස්සාවේල්ල, කඵතර, මහර, මහනුවර, හෙට්ටිපොල, ගාල්ල, ගල්ගමුව, දෙයියන්දර, සියඹලාණ්ඩුව සහ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරුන්ට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි අධිකරණ සේවා කොමිසම ප්‍රකාශ කළේ.

මෙලෙස ස්ථාන මාරුවීම් ලැබූ අධිකරණ සේවා නිළධාරින්ගේ නාම ලේඛනය අධිකරණ සේවා කොමිසම සිය වෙබ් අඩවියට ද ඇතුලත් කර තිබෙනවා.