Update :නවසීලන්තයට සුනාමි තත්වයක් (ඡායාරූප)

Sunday, 13 November 2016 - 17:30

Update+%3A%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරට ආසන්නයෙන් රික්ටර් මාපාංක 7.8 ක ප්‍රභල භූ කම්පනක් වාර්තා වුණා.

පසුව සුනාමි තත්ත්වයක්ද ඇතිවූ අතර ඉන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තාවී නැහැ.

නවසීලන්තයේ දකුණු ප්‍රදේශයේ මෙම භූ කම්පනය සිදුවූයේ එරට වේලාවෙන් අද රාත්‍රී 11 ට පමණ.

ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ එහි ප්‍රභලත්වය රික්ටර් මාපාංක 7.8 ක් ලෙස සටහන්වූ බවයි.

භූ කම්පනයේ අපකේන්ද්‍රය ක්‍රයිස්චර්ච් නුවරට කිලෝමීටර් 95 ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.

භූ කම්පනය ක්‍රයිස්චර්ච් නුවරට උතුරු දෙසින් පිහිටි වෙලින්ටන් ඇතුළු නගර කිහිපයකටම දැණුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

භූ කම්පනය සිදුවීමත් සමග බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කළා.

පැය 2 කට පමණ පසු සුනාමි තත්ත්වයක් ඇතිවූ අතර ක්‍රයිස්චර්ච් ආශ්‍රීත ප්‍ර දේශයට පැමිණි උදම් රළේ උස අඩි 6 ක් පමණ වූ අතර, වෙලින්ටන් දෙසටද අඩි 2 ක පමණ උසින් යුතු සුනාමි රළ පැමිණ තිබෙනවා.

භූ කම්පනයත් සමග ඇතිවූ පසු කම්පන තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථානවෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා.

2011 වසරේදී ද නවසීලන්තයට බලපෑ භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයින් 185 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.










නවසීලන්තයේ Wellingtonහි Lyall Bay හි සිට ගෙන එන සජීවී දර්ශන පහතින්



Update : Sunday, November 13, 2016 19.38
------------------------------------------------------

නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි එය රිච්ටර් මාපාංක 7.4 අගයක් ගන්න බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

2011 වසරේදී ක්‍රිස්ට්චර්ච් හි රික්ටර් පරිමාණ 6.3ක ප්‍රබල භූ කම්පනයක් සිදු වූ අතර ඒහිදී ජීවිත හානි 185ක් සිදුවූවා.

අදාළ භූ කම්පන සිදුවූ අයුරු දැක්වෙන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ වීඩියෝ දර්ශන පහතින්.