2500යේ දඩයට එරෙහිව යතුරුපැදිකරුවන් කළුපටි බඳී

Sunday, 13 November 2016 - 18:43

2500%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%B4%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B6%B3%E0%B7%93
මෙවර අයවැයෙන් සියලුම වාහන සදහා අය කෙරෙන දඩ මුදල් රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් යතුරුපැදිකරුවන් තම අතෙහි හෝ යතුරුපැදියෙහි කළු පටියක් ප්‍රදර්ශනය කරන ලෙස සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ධාවකයනගෙන් ඉල්ලීමක් කරනවා.

 යතුරුපැදිකරුවෙකු මසකට ඉන්ධන සඳහා දරණ වියදමට වඩා අදාළ දඩ මුදල වැඩි බවයි එම සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් ජනාධිපතිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා වෙත ලිපි යොමු කළ බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

මේ අතර, දඩ මුදල් ඉහල නැංවීමට විරෝධය පළ කරමින් අනිද්දා ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනයෙහි කිසිදු වෙනසක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් මෙවර අයවැය මගින් යෝජිත මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා අවම දඩය වෙනස් නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

මාර්ග නීති පිළි නොපැදීම අද රටේ පවතින විශාල ගැටළුවක් බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

අයවැයට ඉදිරිපත් වූ යෝජනාවකට අනුව මෙය සිදුකළ බව ද ඔහු ප්‍රකාශ කළා.

මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන දඩ මුදල් රුපියල් 2500 දක්වා වැඩි කිරීමට එරෙහිව පෞද්ගලික බස් රථ හිමියන් ආරම්භ කිරීමට සැරසෙන වර්ජනය සම්බන්ධයෙන්ද මුදල් අමාත්‍යවරයා අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ පෞද්ගලික බස් රථ හිමියන් නීතියට එරෙහිවීම පිළිගත නොහැකි කරුණක් බවයි.

පසුගිය වසරේදී මෙරට මාර්ග අනතුරු හේතුවෙන් 3000ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.