Update : නවසීලන්ත භූ කම්පනයෙන් දේපළ රැසකට හානි (ඡායාරූප)

Monday, 14 November 2016 - 6:42

Update+%3A+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B7%85+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නවසීලන්තයට බලපෑ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී දේපළ රැසකට හානි සිදුවී තිබෙනවා.

නවසීලන්තයේ  ක්‍රයිස්චර්ච් නුවර  සිට කිලෝමීටර 95 ක් දුරින් භූ කම්පනයේ අපකේන්ද්‍රය පිහිටි අතර, මේ නිසා සුනාමි තත්ත්වයක්ද හටගත්තා.

භූ කම්පනය සිදුවී පැය දෙකකට පමණ පසු ඇතිවූ සුනාමි තත්ත්වයෙන් ක්‍රයිස්චර්ච් ආශ්‍රිත ප්‍රදේශවලට අඩි හයක පමණ උදම් රළ පැමිණි අතර, වෙලින්ටන් දෙසට අඩි දෙකක පමණ උසින් සුනාමි රළ පැමිණි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ක්‍රයිස්චර්ච් ආශ්‍රිත ප්‍රදේශවල මාර්ග රැසක් විනාශ වී ඇති අතර, ගොඩනැගිලි 25 කට පමණ හානි සිදුව තිබෙනවා.

ප්‍රථම භූ කම්පනයෙන් අනතුරුව තවත් පසු කම්පන කිහිපයක්ද සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

භූ කම්පනයත් සමඟ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා.

2011 වසරේදීද ක්‍රයිස්චර්ච් ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ 6.3 ක භූ කම්පනයක් ඇතිවූ අතර, එමඟින් පුද්ගලයින් 185ක් ජීවිතක්ෂයට පත්වුණා.

Monday, November 14, 2016 7.52
-----------------------------------------------------------

නවසීලන්තයේ දකුණු ප්‍රදේශයේ ප්‍රදේශයේ ඇති වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11 ට පමණ භූ කම්පනය සිදුවූවා.

එහි ප්‍රභලත්වය රික්ටර් මාපාංක 7.8 ක් ලෙස සටහන්වූ අතර භූ කම්පනයෙන් පැය දෙකකට පසුව සුනාමි තත්වයක්ද ඇති වූවා.

භූ කම්පනයේ අපකේන්ද්‍රය ක්‍රයිෂ්චර්ච් නුවරට කිලෝමීටර් 95 ක් පමණ දුරින් පිහිටා තිබෙනවා.