Update : විමල් FCIDයට පැමිණේ

Monday, 14 November 2016 - 9:57

Update+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+FCID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා විමල් වීරවංශ මන්ත්‍රිවරයාට පසුගිය හතරවනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණා.

එදින එහි පැමිණි මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා නොදී ඉන් පිටව ගියේ අසනීප තත්ත්වයකින් පෙළෙන බව දන්වමින්.

පසුව මේ මස 9 වනදා යළිත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දැනුම්දී තිබූ නමුත් මන්ත්‍රීවරයාගේ පාර්ශවයේ නීතීඥයින් සඳහන් කළේ මේ පිළිබඳව දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

පෙරවරු 9.30ට පමණ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි අතර ඔහුගෙන් මේ වනවිටත් ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බවයි එහි නියෝජිතයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


Update : Monday, November 14, 2016 13.15
-----------------------------------------------------------

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා විමල් වීරවංශ මන්ත්‍රිවරයාට පසුගිය හතරවනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණා.

එදින එහි පැමිණි මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා නොදී ඉන් පිටව ගියේ අසනීප තත්ත්වයකින් පෙළෙන බව දන්වමින්