සීනි කන්ටේනර් 50 ක් රේගුවේ සිරවේ

Monday, 14 November 2016 - 12:45

%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+50+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%9A
බ්‍රසීලයේ සිට මෙරටට ආනයනය කරන සීනි කන්ටේනර් තුළ සඟවා කොකේන් ගෙන එන බවට ලැබුණු තොරතුරුවලට අනුව සීනි කන්ටේනර් 50 කට වැඩි සංඛ්‍යාවක් රේගු භාරයේ තබා ගනිමින් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ කටයුතු  අවසන් වනතුරු සීනි කන්ටේනර් මුදා නොහරින බවයි.

මීට පෙර අවස්ථා තුනකදී බ්‍රසීලයේ සිට මෙරටට ආනයනය කරන ලද සීනි කන්ටේනර්වල තිබී කොකේන් මත්ද්‍රව්‍ය හමුවුණා.

මෙහි ආසන්නතම සිද්ධිය කැළණිය - පෙතියාගොඩ ප්‍රදේශයෙන් වාර්තාවූයේ පසුගිය 9 වනදායි.

පෙතියාගොඩ ප්‍රදේශයේ ගබඩාවක් තුළ සීනි අඩංගු කන්ටේනරයක සූක්ෂම ලෙස අසුරා තිබියදී රුපියල් කෝටි 45 ක වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑම් 31 ක් සොයාගත්තා.  

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ රේගුව මගින් දිගින් දිගටම සීනි අඩංගු කන්ටේනර් පරීක්ෂා කිරීම නිසා ව්‍යාපාරිකයන්  බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම අවම කර ඇති බවයි.

මෙම සංගමයේ ලේකම් ජී.නාදන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම තත්ත්වයත් සමඟ බ්‍රසීලයේ සිට මෙරටට ආනයනය කරන සීනි පරිමාණය සියයට විස්ස දක්වා අඩුවී ඇති බවයි.

සියයට 80 ක් ඉන්දියාව ඇතුලු වෙනත් රටවලින් ගෙන්වන බවද ඔහු කියා සිටියා.