Update : හෙට පෞද්ගලික බස් වර්ජනය ස්ථීරයි - බස් සංගම්

Monday, 14 November 2016 - 12:50

Update+%3A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A
මෙවර අයවැය මගින් මාර්ග නීති උල්ලංගණය කිරීමේ අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ හිමියන් සංවිධාන කර ඇති වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට ස්ථීර වශයෙන් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ගැමුණු විජේරත්න මේ බව කියා සිටියා.

මෙම වර්ජනයට තම සංගමය ද සහාය පළ කරන බවයි මාධ්‍ය හමුවට එක්ව සිටින සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ.

Update : Monday, November 14, 2016 14.32
----------------------------------------------------------

සියලුම වාහන සඳහා අයකෙරෙන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට එරෙහිව දියත් කිරීමට සැළසුම් කර ඇති වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට එලෙසම ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ වර්ජනය සදහා තවත් බස් සංගම් කිහිපයක් සහය පළ කර ඇති බවයි.

මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් මාර්ග නීති කඩකරන වාහන සඳහා මෙවර අයවැයෙන් යෝජිත අවම දඩය වෙනස් නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ ප්‍රකාශ කළා.

මාර්ග නිතී පිළි නොපැදීම අද රටේ පවතින විශාල ගැටළුවක් බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ්.  

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ දිනයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.  

ඒ අතර අවුරුදු 10 සහ 16 වයස්වල පසුවන ළමයින් දෙදෙනෙකු ද වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මොණරාගල, කල්පිටිය, මීගමුව, ඇල්පිටිය, කැකිරාව, ගිරාඳුරුකෝට්ටේ සහ මහියංගණය - 18 වංගුව ප්‍රදේශවල මෙම අනතුරු සිදුව තිබෙනවා.

අනතුරුවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 14 ක්.

 මහනුවර - 18 වංගුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීම නිසා මගීන් 11 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ මහියංගණය රෝහලටයි.

මහනුවර ප්‍රදේශයේ පැවති අවමංගල උත්සවයකට සහභාගිවී නැවත පැමිණෙමින් සිටි දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.