ඉන්දියාව LTTEය පුහුණු කළ හැටි, හිටපු ගුවන් හමුදා ප්‍රධානියෙකු හෙළිකරයි

Monday, 14 November 2016 - 19:09

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+LTTE%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92%2C+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
1983 ජුලි ජාතිවාදී කෝලාහලයෙන් අනතුරුව ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් ඉන්දියාවට පැමිණීමත් සමඟ තමිල්නාඩු ප්‍රාන්ත රජය LTTE පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කළ බව ඉන්දීය සාම සාධක හමුදාවේ ගුවන් බලය මෙහෙය වූ විශ්‍රාමික එයාර් මාර්ෂල් භාරත් කුමාර් පවසනවා.

ඔපරේෂන් පවන් ලෙස දැන් ප්‍රකාශයට පත් කර ඇති ඔහුගේ ග්‍රන්ථයේ දැක්වෙන්නේ ඉන්දීය මධ්‍යම රජය 1984 වසරේදී LTTE සාමාජිකයන් පුහුණු කිරීම ඇරඹූ බවයි.

තමිල්නාඩු ප්‍රාන්ත රජයේ වැඩපිළිවෙල අභිබවා යාම ඉන්දීය මධ්‍යම රජය ඊට මැදිහත්වීමේ හේතුව ලෙස එයාර් මාර්ෂල් භාරත් කුමාර් සඳහන් කළා.

ඔහුගේ ග්‍රන්ථයේ තේමාව වී ඇත්තේ ‘ඉන්දීය සාම සාධක හමුදාව සමඟ ගුවන් බලයේ භූමිකාව’ යන්නයි.

ප්‍රාන්ත රජය ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ අවදානම වැළැක්වීමට ඉන්දීය මධ්‍යම රජයට අවශ්‍ය වූ බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එම්.ජී. රාමචන්ද්‍රන් සහ මුත්තුවේල් කරුණානිධි වැනි තමිල්නාඩු දේශපාලනඥයන් මෙන් නොව ඉන්දිරා ගාන්ධි හෝ රජිව් ගාන්ධි අගමැතිවරුන් ශ්‍රී ලංකාවේ ස්වාධීන දෙමළ රාජ්‍යයක් අපේක්ෂා නොකළ බවයි හිටපු ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා සඳහන් කළේ.

එහෙත් මෙරට දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථීර විසදුමක් ලබා ගැනීම සඳහා ලක් රජයට බලපෑමක් කිරීම සඳහා LTTE සංවිධානය සන්නද්ධ කිරීම සඳහා ඉන්දීය මධ්‍යම රජය මැදිහත් වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ නමුත්, පසුව පෝක් සමුද්‍ර සන්ධිය හරහා LTTE සංවිධානය වෙත ආයුධ ප්‍රවාහනය සීමා කිරීමට රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා තීරණය කළ බව ද එයාර් මාර්ෂල් භාරත් කුමාර්ගේ ග්‍රන්ථයේ සඳහන්.