මාලබේ ජෝතිපාල මාවත යුද පිටියක් වෙයි - ත්‍රිරෝද රථ හතරක් අළු වෙයි

Tuesday, 15 November 2016 - 7:21

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%B6%E0%B7%9A+%E0%B6%A2%E0%B7%9D%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මාලබේ පිට්ටුගල ත්‍රිරෝද රථ ගාලක පසුගියදා දහවල් ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු අතර කුළි ගමනක් බෙදා ගැනීම සම්බන්ධයෙන් ආරවුලක් හටගෙන තිබුණා.

පසුව එම ආරවුලට මුල්වූ එක් පුද්ගලයෙකු අනෙක් පුද්ගලයාගේ ‍නිවෙසට ගොස් එම ගැටළුව සම්බන්ධයෙන් යළි බහින් බස්වීමක් ඇතිකරගෙන ඇති අතර එහිදි නිවැසියන් ඔහුට පහරදී තිබෙනවා.

පොලිසිය පැවසුවේ නිවැසියන්ගේ පහර දීමෙන් තුවාල වූ අදාල ත්‍රිරෝද රථ රියදුරා ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැසියා ඇතුළු තවත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව පසුගියදා රාත්‍රියේ එම නිවසට පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර අප වාර්තාකරු පැවසුවේ ත්‍රිරෝද රථ හතරකට ගිනිතබා ඇති බවයි.

පැමිණි පිරිස යතුරුපැදියකට හා නිවසටද ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

අතුරුගිරිය පොලිසිය පැවසුවේ පසුව කළ මෙම පහරදීම සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.