පෞද්ගලික බස් රථ වර්ජනය අත්හිටුවයි - මාර්ග නීති උල්ලංගණය කිරීමේ අවම දඩය ගැන, අද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා

Tuesday, 15 November 2016 - 7:48

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
මාර්ග නීති උල්ලංගණය සඳහා අවම දඩ මුදල රුපියල් 2500 කිරීමට විරෝධය පළ කරමින් ප්‍රවාහන සංගම් කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එම සංගම් ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යවරයා සමඟ සිදුකළ සාකච්ඡාව සාර්ථකවීම හේතුවෙන් වර්ජනය අත්හැරීමට තීරණය කළ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අද දිනයේදී අමාත්‍ය මණ්ඩලය සමඟ මේ පිළිබදව සාකච්ඡා කර විසදුමක් ලබාදීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, රථ වාහන අනතුරු අවම කර ගැනීම සඳහා අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට යෝජනා කරන බව පසුගිය 10 වන දා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියේ සඳහන් වී තිබුණා.

මෙම යෝජනාවට ප්‍රවාහන සංගම්වල විරෝධය එල්ල වන විට මුදල් අමාත්‍යවරයා පෙරේදා දිනයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දඩ මුදල් ඉහළ නැංවීමේ තීරණයේ කිසිදු වෙනසක් සිදුනොකරන බවයි.