අකුණුසැර වැදී මල්ලාවි ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට.

Tuesday, 15 November 2016 - 10:27

%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.
මුලතිව් - මල්ලාවි - තිරුනගර් ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එහිදී තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ දහවල් මොවුන් කුඹුරක ගොවිතැන් කටයුතු කරමින් සිටියදී මෙලෙස අකුණුසැර වැදී ඇති බව සඳහන්.

මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 62 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.