ලක්ෂ 32ක දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයන් 4 දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 15 November 2016 - 11:00

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+32%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ලක්ෂ 32ක් පමණ වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයින් සිව් දෙනෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලුයම අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බවයි හිරු ගුවන් තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ.

චීනයේ කුන්මින් හි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 829 දරණ යානයෙන් මොවුන් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් සතුව තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි කාටූන් 410ක් පමණ සිය භාරයට ගත් බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ.