කොටගලදී දුම්රියට පැන තරුණයෙකු දිවි හානි කර ගත් හැටි

Tuesday, 15 November 2016 - 11:16

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
නාවලපිටියේ සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියකට පැන තරුණයෙකු සිය දිවි හානි කරගෙන තිබෙනවා.

අද උදෑසන කොටගල - ගල්කන්ද ප්‍රදේශයේදී දුම්රියට පැන මෙලෙස දිවි හානිකරගෙන ඇත්තේ දිඹුල - ස්ටොනික්කිලිප් වතුයායේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

ඔහු සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, මිය ගිය තරුණයාගේ සිරුර කොටගල රෝහලේ තැන්පත් කර තිබෙනවා.