ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයෙන් ඇමරිකාවටත් චෝදනා

Tuesday, 15 November 2016 - 13:14

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී ඇමරිකා එක්සත් ජනපදය යුද අපරාධ සිදුකර ඇති බවට සාක්ෂි පවතින්නේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන නීතිපති ෆටාවු බෙන්සවුඩා  පවසනවා.

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් ආරම්භ කරමින් ඔහු කියා සිටියේ 2003 - 2004 වසර වලදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් කුරිරු වධ බන්ධනවලට ලක් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවට චෝදනා එල්ල වන බවයි.

තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම් සහ ඇෆ්ගන් රජයේ හමුදාවලට මෙන්ම ඇමරිකානු හමුදාවලට සහ සී.අයි.ඒ. සංවිධානයට ද මෙලෙස යුද අපරාධ චෝදනා එල්ල වන බව ඔහු සඳහන් කළා.