ජනප්‍රිය නිළියක් අභිරහස් ලෙස මියයයි

Tuesday, 15 November 2016 - 13:54

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
29 හැවිරිදි වියේ පසුවු  සබර්නා ආනන්ද් Sabarna Anand නමැති දකුණු ඉන්දීය නිළියක් අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

ඇය චෙන්නායි හි මහල් නිවාසයක තනිව ජිවත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පොලිසියට ලද තොරතුරක් අනුව කළ සෝදිසි කිරීමකදීයි ඇයගේ නිවස තුළ තිබී නිරුවත් මළසිරුර හමුවී ඇත්තේ.

මෙය ඝාතනයක් බවට සැකකළත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෙය සියදිවි නසා ගැනීමක් බවටයි පසුවඅනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් ඇගේ මව්පියන් පවස්නේ තමන්ගේ දියණියගේ මරණය ගැන සැකසහිත බවයි.

ඇය දෙමළ ටෙලි නාට්‍ය මෙන්ම රූපවාහිනි වැඩසටහනක් කිහිපයකම නිවේදිකාවක් ලෙසද කටයුතු කර තිබෙනවා.