රුපියල් 500යේ සහ දහසේ නෝට්ටු අවලංගු කර නව නෝට්ටු නිකුත් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගනු ලැබූ තීරණයට අනුව තම මුදල් නෝට්ටු හුවමාරු කර ගැනීම සඳහා මෝදිගේ 95 හැවිරිදි මව ද අද ගුජරාටයේ ගාන්ධිනගර් හි බැංකුවකට පැමිණ තිබෙනවා.
ඇය ද මුදල් හුවමාරු කර ගැනීම සඳහා වන පෝලිමේ රැදී සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ මුදල් හුවමාරුවෙන් ඇති වන දුෂ්කරතා ඉදිරි දින 50 තුළ අවසන් වනු ඇති බවයි.
මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් නව නෝට්ටු ලබා ගැනීම සඳහා ඇතැම් විට රැය පහන් වන තුරු බැංකු සහ ඒ.ටී.එම්. යන්ත්‍ර අසළ රැදී සිටින බව සඳහන්.