ප්රබල භූ කම්පන දෙකකට සහ පසු කම්පන රැසකට මුහුණදුන් නවසීලන්තයේ ප්රදේශ කිහිපයක සිරවී සිටි සංචාරකයන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක බව විදෙස් වාර්තා සඳහන් කළා.
භූ කම්පනයෙන් පසු ඇතැම් ප්රදේශවලට තද වැසි සමඟ සුළං ඇතිවූ අතර, ඒ හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා සිදුවුණා.
දේශීය සංචාරකයන් දහසකට වැඩි පිරිසක් මෙහිදී පීඩාවට පත්ව ඇතැයි වාර්තාවනවා.
භූ කම්පන සමඟ ප්රදේශ රැසක විදුලි සහ ජල සැපයුම ද අඩාල වූ අතර, මේ වනවිට ඒවා යථා තත්ත්වයට පත් කරමින් සිටින බව නවසීලන්ත වාර්තා සඳහන් කළා.