ජල ගාස්තු වැඩිවීම නවතී

Tuesday, 15 November 2016 - 15:43

%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
දෙසැම්බර් පළවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ ජලගාස්තු ඉහළ නැංවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

අද පැවති කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තුවේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය චන්දිම වීරක්කොඩි සඳහන් කළේ.

මෙම අවස්ථාවේ ජල ගාස්තු ඉහළ නැංවීම ගැටළු සහගත බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කළේ ඇමතිවරුන් තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් ජලගාස්තු ඉහළ නැංවීම පිළිබඳව යළි සළකා බැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි.