කුරුණෑගල පොලිසියේ ජංගම රථයකට වෙඩි ප්‍රහාරයක් - උප පොලිස් පරීක්ෂකවරයෙකු මරුට

Wednesday, 16 November 2016 - 7:40

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කුරුණෑගල - පුත්තලම මාර්ගයේ වැලගනේ - මාස්පොත ප්‍රදේශයේදී කුරුණෑගල පොලීසියේ ජංගම රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සිද්ධියෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු මිය ගොස් තවත් පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රියේ එම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක් තුළ සැක කටයුතු අන්දමින් පුද්ගලයින් දෙදෙනෙකු ගැවසෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ කුරුණෑගල පොලිසියේ ජංගම රථය එම ස්ථානය වෙත යමින් සිටින අතරතුර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.