බස් සංගම් සාකච්ඡාවකට පොලීසිය ඉල්ලයි

Wednesday, 16 November 2016 - 7:45

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මාර්ග නිතී කඩ කිරිම් සම්බන්ධයෙන්  රුපියල් 2500 දක්වා අවම දඩ මුදල ඉහළ දැමීම පිිළිබද මුදල් අමාත්‍යවරයා සහ  ප්‍රවාහන සංගම් කිහිපයක් අතර සාකච්ජාවක්  ලබන සඳුදා සිදු කිරිමට නියමිත බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංමගය පවසනවා.

ඒ ප්‍රවාහන අමත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මුදල් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

අදාල කරුණ සම්බන්ධයෙන් සාකච්ජාව ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවත්වීමටයි තීරණය වී තිබුනේ.

එහෙත් මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා සහ පොලීසිය ද සහභාගි කරවා ගත යුතු බවට තමන් කළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව කල් දැමූ බව ද ලංකා පෞද්ගලික  බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න  කියා සිටියා.