‘‘ආවා’’ සැකකරුවන් 30 දක්වා යලි රිමාන්ඩ්

Wednesday, 16 November 2016 - 10:55

%E2%80%98%E2%80%98%E0%B6%86%E0%B7%80%E0%B7%8F%E2%80%99%E2%80%99+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+30+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
උතුරේ ප්‍රචන්ඩ ක්‍රියාවල නිරත වූ බවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි ‘‘ආවා’’ කල්ලියට අයත් බව සැලකෙන සැකකරුවන් 11 දෙනා මේ මස 30 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරුවන් අද පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ප්‍රචන්ඩ ක්‍රියා සිදුකිරීම හේතුවෙන් මොවුන් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින්.