කතරගම පුදබිමේදී ළමා යාචක ජාවාරම සමඟ ලිංගික අපචාරයන් සිදුවන අයුරු

Wednesday, 16 November 2016 - 12:11

%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%85%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94
බාල වයස්කාර දරුවන් යොදාගනිමින් කතරගම පුද බිම හා ඒ අවට ළමා යාචක ජාවාරමක් ක්‍රියාත්මක වන බව කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති හිමියන් පවසනවා.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකු හෝ මේ සම්බන්ධයෙන් සොයානොබලන බවයි.

කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ අනුකම්පාව දිනා ගැනීම සඳහා මෙම සිඟමන් යැදීමේ ජාවාරමේදී කුඩා දරුවන් සහ ඇතැම් විට අත දරුවන් පවා යොදා ගන්නවා.

මේ අතර ප්‍රදේශයේ සැරිසරනා බොහෝ දරුවන් බැතිමතුනට අත්උදව් ලබා දී මුදල් ඉපයීමේ නිරත වන අයුරුද දැක ගත හැකියි.

වැඩිවියේ පසුවන ඇතැම් දැරියන් විශාල වශයෙන් රාත්‍රී කාලයේදීත් පුද බිම අවට සැරිසරමින් කාලය ගත කරන අතර ඇතැම් අවස්ථාවලදී ඔවුන් විවිධ ලිංගික අපචාරයන් සඳහා යොදාගන්නා අවස්ථාවන්ද වාර්තාවන බව අප වාර්තාකරු පැවසුවා.

වර්ධනය වෙමින් පවතින මේ තත්වය පිළිබද වගකිව යුත්තන් අවස්ථා ගණනාවකදී දැනුවත් කළද ඉන් ඵලක් වී නැහැ.