කුරුණෑගල වෙඩි තැබීමේ සිද්ධියේ සුලමුල හෙළිවේ - ආයුධ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, 16 November 2016 - 13:06

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කුරුණෑගල - පුත්තලම මාර්ගයේ මාස්පොත ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රිී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු, ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව තවත් ගිනි අවියක් මොවුන් පැමිණි මෝටර් රථයේ තිබී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් කුරුණෑගල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු තුවාල ලැබුවා.

ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ හෝටලයක් අසල ව්‍යාජ අංක තහඩුවක් සවි කළ මෝටර් රථයක් තිබෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව, එම ස්ථානයට ගිය කුරුණෑගල පොලිසියේ නිලධාරින් පිරිසක් අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමට යාමේදීයි එහි සිටි පුද්ගලයින් විසින් පොලීසියට වෙඩි තබා ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

පසුව පොලිස් නිලධාරින් ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී සැකකරුවන් පලාගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා, සැරයන්වරයා සහ කොස්තාපල්වරයා පසුව කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එහිදී 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය කියා සිටියේ.

තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා කුරුණෑගල රෝහලේ 23 වන වාට්ටුවට ඇතුළත් කෙරුණු අතර  පොලිස් කොස්තාපල්වරයා එම රෝහලේම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

සැකකරුවන් පැමිණි අදාළ මෝටර් රථය ද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර,  පලාගිය සැකකරුවන්ගෙන් එක් අයෙකු පොලිසිය වෙත භාර දී ඇත්තේ ප්‍රදේශවාසීන් විසින්. පළා ගිය අනෙකුත් සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.   

සැකකරුවන් මෙම මෝටර් රථය කොළඹ ප්‍රදේශයෙන් පැහැර ගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.

පසුව මෝටර් රථයේ හිමිකරු විසින් ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ රථය පැහැර ගෙන ගොස් නවතා ඇති ප්‍රදේශය පිළිබදව පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුව මෙම මෝටර් රථය කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක් අසල නවතා තිබෙන බවට තොරතුරු ලැබීමත් සමග ඔහු ඒ බව කුරුණෑගල ප්‍රදේශයේ ඥාතියෙකුට දැනුම්දී ඇති බව සදහන්.  

එම ස්ථානයට පැමිණි මෝටර් රථයේ හිමිකරුගේ ඥාතියා අදාළ රථය හදුනාගෙන තිබෙනවා.

ඔහු විසිනුයි මෝටර් රථය පිළිබද තොරතුරු පොලිසියට දැනුම්දී ඇත්තේ.