රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට ඇප

Wednesday, 16 November 2016 - 13:11

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීත්‍යානුකූල බවට හැඟවීමට පෙළඹවීම සහ අනුබල දුන් බවට චෝදනා එල්ල වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන අද (16) නියෝග කළා.

ඒ අනුව සැකකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි මුදා හැර ඇත්තේ.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නිර්ව්‍යාජ එකක් ලෙස හඳුන්වාදීම සඳහා මොන්ටේරෝ රථයක ලියාපදිංචි සහතිකයක් භාවිතා කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට පාලිත රංගේ බණ්ඩාර සහ තවත් පුද්ගලයෙකුට නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරිය සැකකරුවන්ට අද දිනයේ අධිචෝදනා භාර දුන් අතර, මෙම නඩුව ලබන වසරේ මාර්තු මස 18 වන දා යළි කැදවනු ඇති.