පාඨලීගේ නාගරික සංවර්ධන අධිකාරියට ඉසුරගෙන් චෝදනා

Wednesday, 16 November 2016 - 13:33

%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ජනතා අපේක්ෂාවන් ඉෂ්ඨ කිරීම සඳහා පළාත් සභා මූල්‍ය වශයෙන් ශක්තිමත් කළ යුතු බව මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක පවසනවා.

මෙවර අයවැයෙන් පළාත් සභා සඳහා වෙන් කර ඇති මුදල් කප්පාදු කිරීම සම්බන්ධයෙන් මහනුවර පළාත් සභා ශ්‍රවණාගාරයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙවර අයවැයෙන් පළාත් සභා සඳහා වෙන්කර ඇති මුදල් කප්පාදු කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ උතුර පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභාවලට මෙම තත්ත්වය බලපා ඇති බවයි.

මෙගාපොලිස් වැඩපිළිවෙල යටතේ පළාත් සභා සහ පළාත්පාලන ආයතන සතු බලතල පවරා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවටද ඔහු චෝදනා කළා.