සරත් වීරවංශට ඇප

Wednesday, 16 November 2016 - 13:37

%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශට ඇප ලබාදී තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (16) නියෝග කළේ සැකකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියකට සරත් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගත්තේ සැප්තැම්බර් මස 1 වන දායි.