ලබාදී ඇති නිදහස අනවශ්‍ය ලෙස භුක්ති විදීමෙන් වැළකිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ 47 වන සංවත්සර උළෙලට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
රටට ලබාදී ඇති ප්රජාතන්ත්රවාදය සහ නිදහස පටු දේශපාලන වුවමනාවන් හෝ ජාතිවාදය සහ ආගම්වාදය මුල්කරගෙන භාවිත කිරීම රටේ ඉදිරි ගමනට බාධාවක් බව ජනාධිපතිවරයා කියා සිටියා.
සංවත්සර උත්සවය ඇමතූ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තේට්ටුවේ අනන්ද හිමියන් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වහා ඉවත් කළ යුතු බව කියා සිටියා.
කෙසේ වෙතත් අනතුරුව උත්සව සභාව ඇමතූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න උන්වහන්සේට සිහිපත් කළේ මීට පෙර එක්ව සටන් සිදුකළ පිරිස සමඟ කටයුතු කිරීම හැර වෙනත් පාර්ශවයන්ට සහය දීමෙන් පළක් නොවන බවයි.