කෝටියක් වටිනා කේරළ ගංජා සමඟ 8 දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

Wednesday, 16 November 2016 - 14:24

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනයේ සිට කොළඹ දක්වා සුඛෝපභෝගී වෑන් රථයකින් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 8 දෙනෙකු වව්නියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව පොලිස් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද අලූයම අදාළ වෑන් රථය පරීක්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇති අතර, එහි බර කිලෝග්‍රෑම් 71ක්.

මේවා ඉන්දියාවේ සිට මුහුදු මගින් යාපනයට ගෙනවිත් ඇති අතර, පාර්සල් වශයෙන් ඔතා වෑන් රථයේ අසුන් යට සඟවා තිබූ බව වව්නියාව පොලීසිය කියා සිටියා.



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක