අනුර සේනානායක යළිත් රිමාන්ඩ්

Wednesday, 16 November 2016 - 15:09

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මේ මස 30 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මීට අමතරව තාජුඩීන් ඝාතනය වූ දින ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අද අධිකරණය හමුවේ සඳහන් කළා.

තාජුඩීන්ගේ මිතුරෙකු අවසන් වරට ඔහුට ඇමතුමක් ලබාදී ඇති බව ප්‍රකාශ කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා,  එමඟින් ඝාතනයට අදාළ වැදගත් කරුණු රැසක් අනාවරණ කරගැනීමට හැකිවනු ඇති බවද කියා සිටියා.